පරිශීලකයින්ගේ විරෝධතා මධ්‍යයේ වට්ස්ඇප් සමාගම සිය නව නීතිය කල් තැබීමට තීරණය කර තිබේ.
පෙර දී ඔවුන් සඳහන් කර තිබුණේ පෙබරවාරි මස 8 වනදා වට්ස්ඇප් පරිශීලකයින් වෙත පැමිණීමට නියමිත ව තිබෙන යාවත්කාලීන කිරීමෙහි (Update) සඳහන් වන පරිශීලකයාගේ සියලු දත්ත එම සමාගම විසින් පරිහරණය කරන බවට වන නීතියට අනිවාර්යයෙන් ම එකඟ විය යුතු බව යි. එසේ නොවුණහොත් එතැනින් ඉදිරියට අදාළ පුද්ගලයා හට වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇත.
මේ සම්බන්ධයෙන් බොහෝ වැරැදි තොරතුරු මේ වන විට සමාජගත වී තිබෙන බැවින් එම තොරතුරු නිවැරැදි කොට, අදාළ නීතිය මඟින් සැබැවින් ම සිදු කෙරෙන්නේ කුමක්ද යන වග හොඳින් පැහැදිලි කර දෙන තෙක් සිය නව නීතිය හකුළා ගන්නා බවට වට්ස්ඇප් සමාගම දන්වා සිටියි.
ඒ අනුව මෙම නව නීතිය පිළිබඳ නැවත දැනුම් දීමක් සිදු කෙරෙනු ඇත්තේ 2021 මැයි මස 15 වන දින ය. ඒ වන තුරු සියලු වට්ස්ඇප් පාරිභෝගිකයින් හට තම ගිණුම කිසිදු අවහිරයකින් තොර ව භාවිත කිරීමට හැකි වනු ඇත.


අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය