මුල්ලේරියාව රෝහලේ ඇති PCR යන්ත්‍රය නැවත වරක් අක්‍රිය වීමෙන් PCR පරීක්ෂණ දහසකට වැඩි ප්‍රමාණයක් සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ කළුතර දිස්ත්‍රික්කය තුලින් රැගෙන ආ සාම්පල දහසකට වඩා PCR පරීක්ෂණ කර ගත නොහැකිව මෙලෙස ගොඩ ගැසී ඇති බවයි.
යම් ආකාරයකින් අදාල සාම්පල කල් ඉකුත් වීමක් සිදුවුවහොත් තත්ත්වය බරපතල වනු ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
එබැවින් වෙනත් පර්යේෂණාගාර වෙත අදාල සාම්පල ගෙනගොස් පරික්ෂා කිරීමට කටයුතු කරන්නැයි දැනුම් දුන්නද බලධාරීන් එයට අපොහොසත් වී ඇති බවයි ඔහු පවසන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ පිළුණු වූ දත්ත සමගින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි තීරණ ගැනීමට හැකියාවක් නොලැබෙන බවයි.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක