Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුල්ලේරියාවේ PCR යන්ත්‍රය පිළිබඳ සැකයක්

මේ වන විට   මුල්ලේරියාව රෝහලේ ඇති PCR  යන්ත්‍රය අක්‍රිය වී  ඇතැයි රජය දැනුම් දී ඇති බව වෛද්‍ය රසායනාගාර විශේෂඥ විද්වත්  වෘත්තියවේදීන්ගේ   සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා  පවසනවා.

 ඔහු සඳහන් කරන්නේ චීන තානාපති කාර්යාලය  එම පිරිස සම්බන්ධයෙන්  තනාපති කාර්යාල මට්ටමින්  නිවේදන නිකුත් කිරීම කටයුතු තත්වයක් බවයි.

චීන සමාගමකින් මිලදී ගත් දෙයක් සම්බන්ධයෙන්  චීන තානාපති කාර්යාලය  නිවේදන නිකුත් කිරීම  සැක සංකා මතු වන කරුණක් බව ද  ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය තුළ අදාළ PCR  යන්ත්‍රය චීන  රජයේ පරිත්‍යාගයක් දැයි  සැක මතුවන බවයි රවි කුමුදේශ් මහතා පවසන්නේ.

මෙම තත්ත්වය තුළ මුල්ලේරියාව රෝහලේ PCR   පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන්  බරපතළ තත්ත්වයක් මතුව ඇති බව  පෙන්වා දෙන රවි කුමුදේශ් මහතා  නැවත වතාවක් මෙවැනිම  ගැටලු සහිත යන්ත්‍රයක්  මිලදී ගැනීමට රජය සූදානම් වන බව ද  පවසනවා.