MCC ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දී තිබේ. MCC සංයුක්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා MCA සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
MCC ගිවිසුම සම්බන්ධයෙන් පිටු 20 කින් යුත් විස්තරාත්මක හේතු දැක්වීමක් සහිත ලිපියක් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවද සඳහන්.
එම හේතූන් නිසා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ නෛතික බාධාවක් පවතින බවද නීතිපතිවරයා විසින් දන්වා ඇත.
කෙසේ වෙතත් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබීමටත් පෙර අමෙරිකානු රජය MCC ප්‍රදානයන් ශ්‍රී ලංකාවට ලබා දීමේ තීරණය අත්හිටුවා ඇති බව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දුන් අතර එම ප්‍රදානය සියෙරාලියෝන් රාජ්‍යය වෙත ලබා දීමට ද තීරණය කර තිබුණි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්‍රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි