Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වත්තකට පැන පොල් ගෙඩියක් සොරකම් කළැයි සැකකරුවෙකුට ලක්ෂයක් ඇප – සමාජයේ විශාල කතාබහක්

පුද්ගලික වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩියක් සොරා ගත් බවට වූ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමේ සිද්ධියක් වාර්තවනවා.

ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ (19) මෙම නියෝග කර තිබෙනවා.

වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට සැකකරු භාරදීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

පොල්ගෙඩියක වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රුපියල් 90 – 120ක් පමණ වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එවැනි වටිනාකමක් ඇති පොල් ගෙඩියක් සොරා ගැනීමේ හා ඒ සම්න්බන්ධ වැරදි කිහිපයකට අදාළවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ විශාල කතා බහක් මේ වන විටත් නිර්මාණය වී ඇතිබව දැකිය හැකි.