මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව තහවුරු කොට තිබේ.
මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2018.10.10 දාතමින් යුතු ලිපියක ලිඛිතව තහවුරු කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.
එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්යාලයට දැනුම් දී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙය එවකට ආණ්ඩඩු බලය දැරූ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හංසයා ලකුණෙන් තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතාට විශාල අවාසිදායක මාතෘකාවක් ලෙස කරළියට පැමිණි අතර එවක විපක්ෂය විසින් මෙම ගිවිසුම මෙරටට සවෛරීභාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ගිවිසුමක් බව පවසමින් දැවැන්ත විරෝධයක් නිර්මාණය කරන ලදී.එවැනි තත්වයක් තුළ 2018 වසරේ අදාල නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ පවා ලැබී තිබියදීත් අදාළ මොහොතේ අදාල කරුණු නිවරැදි ලෙස ජනගත කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන් ජනාධිපතිවරණය දැවැන්ත පරාජයක් ලැබීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදු වූවාද යන්න දැන් ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතිරිව ඇත.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි