Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමගි ජන බලේ ලැයිස්තුව තීන්දුයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදි.

ඉන් අනතුරුව මාධ්‍යය ඇමතූ එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන ලද්දේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා එහි හවුල්කාර පක්ෂ 04න්ම ඉල්ලීම් ලද බවයි.

සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කළ බව ඒ මහතා පවසනවා.