2022 මැයි 24

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

LTTE සාමාජිකයින් 11 000 ක් පුනරුත්තාපනය කිරීම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

නැවත රට තුළ කැරැල්ලක් ඇතිවිය හැකියි : එවකට විෂය භාර අමාත්‍ය ධුරය දැරූ විජිත් විජයමුණි සොයිසා දස වසරකට පසු හෙළිකරයි

2009 වසරේ යුද්ධය අවසාන අවස්ථාවේ හමුදා භාරයට ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් පුනුරුත්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් එවක බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.

ඔහු සඳහන් කළේ අදාලව කටයුතු ක්‍රියාත්මක වන අතරතුර එම එල්ටීටීඊ සාමාජිකයින් මුදා හැරීමට සිදු වූ බවයි.

ජාත්‍යන්තර වශයෙන් සිදුවූ මැදිහත් වීමක් මත එය සිදු වූ බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා, පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු පිරිස් ද කරුණු දැන සිටි බව විජිත් විජයමුණි සොයිසා මහතා හෙළිකළේ Mee Massoo TV සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

නඩු ඇහුවෙත් නෑ

එම තත්ත්වය තුළ අදාල එල්ටීටීඊ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පැවැත්වීමට සූදානම් කර තිබු කඩිනම් නඩු විභාග ක්‍රියාත්මක නොවූ බවද ඔහු හෙළිකළා.

එලෙස සමාජයට මුදා හල තරුණයන් අද වන විට නැවත අවි ආයුධ අතට ගැනීමේ අවධානමක් පවතින බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එයට හේතුව කිහිපයක්ද විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී හෙළි කළා.

සුබ සාධනය ඉහළින් ම

එවකට රජය විසින් තමන් භාරයේ සිටී එල්ටීටීඊ සිරකරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් සුවිශේෂී කැපවීම් සිදු කළ බව ද සිහිපත් කල විජිත් විජයමුණි සොයිසා මහතා කරුණා සහ පිල්ලෙයාන් පිළිබඳව මතක් කරමින් නීතිය ක්‍රියාත්මක වීමේ විෂමතාවන් පිළිබඳ එම සිරකරුවන් තමන්ගෙන් ප්‍රශ්න කළ ආකාරය ද සඳහන් කළා.

අදාළ වැඩසටහන පහළින්..