Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

GMOA පාදෙණිය නිරෝධායනය මග අරින්න ගහපු දහං ගැටේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු වී තිබෙනවා.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව ඇති අතර පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරනවා.

මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇති අතර ඔහු මේ වන විට අංගොඩ ​ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සදහන්.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත.

ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමයි.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්වඇති අතර කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙතමේ බව දැනුම් දී තිබෙනවා.

ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

© මුලාශ්‍ර – අරුණ