ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට කීර්සෝතිමත්ම ව්‍යාපාරික කාන්තාවක වූ අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මියගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයයි.
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එම උපදෙස් වලට අනුවයි.
ETI ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙය නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ද උපදෙස් ලබාදී තිබුණා.
ඒ, ගණුදෙනු කරුවන්ගේ සහ තැන්පත් කරුවන්ගේ රුපියල් බිලියන 13 .7 ක මුදලක් සාවද්‍ය පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවයි.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්