Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

71 වතාවක් සජිත්ගෙන් අගමැති කම ගන්නා ලෙස ඉල්ලලා : රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙක් වෙන්නේ නැති බව සජිත් දැනුම් දීලා

තමන් කිසිවිටකත් අවස්ථාවාදීදේශපාලන අරමුණු වෙනුවෙන් රාජපක්ෂ පවුලේ දේශපාලන රැකවලෙකු බවට පත් වීමට සුදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අගමැති ධුරය භාරගන්නා ලෙස අවස්ථා 71 කදී තමන් වෙත ලද ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කිරීමට තමන් කටයුතු කළ බවයි.

විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින් ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පටු වාසි අපේක්ෂාවෙන් තොරව තමන්ගේ කැපවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනවා.