Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොම්බෙන් යන රටේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගතකරණ උපදේශනය වෙනුවෙන් ප්‍රංශ සමාගමකට ඩොලර් මිලියන 5.6 ක්

ආර්ථිකය අර්බුදය කළමනාකරණය කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ සඳහා උපදේශන සේවා ලබාගැනීම වෙනුවෙන් ප්‍රංශ සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 5.6 ක මුදලක් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අමතරව ජාත්‍යන්තර නීති උපදේශක සේවාවක් සඳහා ද තවත් විදෙස් සමාගමක සේවය ලබා ගැනීමටත් ඒ සඳහා මුදල් ගෙවීමට අනුමැතිය ලැබී ඇති බවද හෙළි වනවා.

මේ ඊට අදාළ කැබිනට් තීරණයි

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයෙකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවා ප්‍රසම්පාදනය- ශ්‍රී ලංකා රජයේ බාහිර ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයෙකුගේ සේවය සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවය ප්‍රසම්පාදනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා සිදු කරන ලද යෝජනා කැඳවීම් අනුව මූල්‍ය උපදේශකවරයෙකුගේ සේවය ලබා ගැනීමට අදාළව යෝජනා 28ක් ද නීති උපදේශකවරයෙකුගේ සේවය ලබා ගැනීමට අදාළව යෝජනා 23ක් ද ලැබී ති‍බේ. ඒ අනුව, එකී ප්‍රසම්පාදනයන් දෙකට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද මෙහෙයුම් කමිටුවල නිර්දේශයන් මත පදනම්ව පහත සඳහන් පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ජාත්‍යන්තර මූල්‍ය උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ M/s Lazard ආයතනය වෙත පිරිනැමීම.

* ජාත්‍යන්තර නීති උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය M/s Clifford Chance LLP ආයතනය වෙත පිරිනැමීම.