03 වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජිවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කර සිටිනවා.
කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම් සඳහන් කරන්නේ 03 වන කොවිඩ් රැල්ලට ලෝකයට ලබන වසරේ මුල වන විට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙර අවස්ථාවන් දෙකටම වඩා ඉදිරි රැල්ලේදී ඇතිවන වෛරසය භයානකවන බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.
දෙවන කොරෝනා රැල්ල ඇතිවන විටදී වෛරසයට එරෙහිව ප්‍රතිකාරයක් සොයා නොගැනීම නිසා තෙවන රැල්ලේදී ඇතිවන විට ඊට සාර්ථකව මුහුණදීමට ජනතාව පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර මෙරට කොවිඩ් වසංගත තත්ත්වය අවධානම 03 වන අදියරට පැමිණ ඇති බවත් ඒ අනුව මහජනතාවට, ව්‍යාපාරික ස්ථාන සිය දෛනික කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශ 55ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
එම මාර්ගෝපදේශ අනුව අවධානම 03 වන අදියරට පැමිණ ඇති බැවින් පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම මීටර් 1.5ක් දුරකින් එකිනෙකා ගමන් කළ හැකි ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අමාත්‍යාංශය අවසර ලබා දී ඇත.
අදාළ මාර්ගෝපදේශ මාලාව පිළිබද තොරතුරු පහළින්..





අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක