Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙයියන්ගේ මල්ලි එක්ක ගනුදෙනු පරිස්සමින් – GMOA අනතුරු අඟවයි

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අතින් අත සිදුකරන මුදල් සංසරණයන් අවම කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු වහා දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවර වන බවයි. 

මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ.