Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2020 වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හෙපටයිටීස් C වෛරසය සොයාගත් කණ්ඩායමට

හාර්වී ජේ.එල්ටර්, මයිකල් හෝග්ටන් සහ චාර්ල්ස් එම්.රයිස් යන තිදෙනාට හෙපටයිටීස් සී.වෛරසය සොයාගැනීම වෙනුවෙන් 2020 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවුණා.

ලොව පුරා ජනතාව තුළ සිරෝසිස් සහ අක්මා පිළිකා ඇති කරන ප්‍රධාන ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් වන රුධිරයෙන් බෝවන හෙපටයිටිස් රෝගයට එරෙහි සටනට මෙම තිදෙනා තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇතැයි නොබෙල් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් මිලියන 71 ක ජනතාවකට නිදන්ගත හෙපටයිටිස් සී වෛරස් ආසාදන ඇති බවට ගණන් බලා තිබේ. නිදන්ගතව ආසාදනය වූවන්ගෙන් සැලකිය යුතු පිරිසකට සිරෝසිස් හෝ අක්මා පිළිකා ඇති වේ.