Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අභිගේ විනෝදාංශය


පවුලට පුංචි අමුත්තෙක් එකතු වුනාට පස්සේ තාත්තලට තියන ලොකු ම ප‍්‍රශ්නේ තමයි තමන්ට ඒ බබා ව බලා ගන්න වැඩිපුර අවස්ථාවක් නොලැබෙන එක. එක්කෝ බබා අම්මගේ අතේ, නැත්තන් නැන්දම්මගේ අතේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාත්තලාට හිතේ හැටියට පැටියව හුරතල් කරන්න දෙන්නේ නැහැ නේ. අම්මෝ වැටෙයි වැටෙයි කිය කිය බය කරනවා, හරියට වඩා ගන්නවත් දන්නෙ නෑ කියනවා, චෝදනා ගොඩයි.


අපේ අභිෂේක් බච්චන්ටත් ඔය තත්ත්වේ වෙනසක් වුණේ නැහැ. ඒ මදිවට තමන්ගේ නළුකම මේ වෙලාවේ ඔක්කොටම වඩා හරහට හිටලා තිබුණා කියලයි එයා කියන්නේ. චිත‍්‍රපටවල ප‍්‍රචාරක කටයුතු කරන්නයි, බබා ව බලන්නයි, බබාගේ අම්මව බලන්නයි, ඔය ඔක්කොට ම අභි වෙලාව හොයා ගත්තේ බොහොම අමාරුවෙන් ලූ. ඒත් එයාලා නැනී කෙනෙක් ගන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබිලා නැහැ. දන්නවද ඒ දවස්වල අභිෂේක්ගේ විනෝදාංශය වෙලා තිබුණේ මොකක්ද කියලා? නැපීස් මාරු කරන එක…

දැන් නම් කෙල්ල ලොකුයි. තාත්තා වගේ ම ටී ශර්ට් ගහගත්තු ආරධ්‍යා, තාත්තා එක්ක රට වටේ ම යන හැටි අපට දකින්න ලැබෙනවා.