Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

20 වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුවට කථිකයන්ගේ හිඟයක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සාධාරණීකරණය කරමින් ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කිරීම සදහා ඉදිරි පත්වීම ආණ්ඩුවට සම්බන්ධ බොහෝ මැති ඇමතිවරුන් සහ පුද්ගලයින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

පුද්ගලික සහ රජයේ සියලු මාධ්‍ය යොදා ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ජනතා ප්‍රසාදයක් ඇතිවන අයුරින් අදහස් සමාජ ගත කිරීමට ආණ්ඩුව සහ ඊට සහය දක්වන මාධ්‍ය ආයතන සැලසුම් කර තිබුනද මේ වන විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට පුද්ගලයන් සොයා ගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

රාජ්‍ය නියෝජනය කරන ජේෂ්ඨ මැති ඇමතිවරුන් විවිධ කරුණු ඉදිරිපත් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාධාරනීකරණය වෙනුවෙන් පෙනී සිටීම මග හරින අතර ආණ්ඩුවට සහය පලකළ නීතීඥවරුන් , වෘත්තිකයන් ඇතුළු කණ්ඩායම් ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී ආයතන කිහිපයක්ම තම රූපවාහිනී සංවාද වැඩසටහන් සදහා අදාල කණ්ඩායම් වලට ආරාධනා කර ඇති අතර විපක්ෂ මත ධාරීන් සොයා ගත හැකි වුවද 20 ට පක්ෂ කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බරපතල ගැටලුවකට මුහුණ දීමට අදාල මාධ්‍ය ආයතන වලට සිදුව තිබෙනවා.

About The Author