Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අස්ගිරි අනුනාහිමියෝ සිත්තරෙකු වෙයි – සමරු සටහනක් ලෙස සිතුවමක් අඳී

අස්ගිරි පාර්ශවයේ අනු නායක පුජ්‍ය වේඩරුවේ උපාලි නා හිමියන් තමන් වහන්සේ විසින්ම සමරු සටහනක් ලෙස ලබාදීමට සිතුවමක් නිර්මාණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

පසුගිය දිනක උන්වහන්සේ බැහැ දැකීමට හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගොස් ඇති අතර ඔහුට ලබා දීම සදහා වේඩරුවේ උපාලි නාහිමියන් විසින් උන්වහන්සේ ගේ පැවිදි දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් සම්පාදනය කරන ලද ගල් පිළිමය නම් සමරු ග්‍රන්ථය පිළිගන්වා තිබෙනවා.

රුවන් විජයවර්ධනත් චිත්‍ර ශිල්පියෙක්

විජයවර්ධන මහතා උන්වහන්සේ සමග දීර්ඝ වෙලාවක් සාකච්ඡා කිරිමෙන් අනතුරුව විහාරස්ථානයේ පිහිටා තිබෙන වසර 720 ක් පැරණි ගෙඩිගේ විහාරය ද දැක බලා ගැනීමට ගොස් තිබෙනවා.

විහාර මන්දිරයේ තිබූ විහාර සිතුවම් පිළිබඳ උනන්දුවක් දක්වමින් ඒවායේ ඡායාරූප ගනිමින් සිටි රුවන් විජයවර්ධන මහතාගෙන් ඒ පිළිබදව විමසා ඇති අනුනාහිමියන්ට දැන ගන්නට ලැබී ඇත්තේ විජයවර්ධන මහතා ද චිත්‍ර කළාවට මහත් සේ ඇලුම් කරන පුද්ගලයෙකු බවයි.

අනතුරුව උන්වහන්සේ සහ විජයවර්ධන මහතා අතර විහාර සිතුවම්කරණය පිළිබඳ කරුණු ද සාකච්ඡා වී තිබෙනවා.

නැවත තමා වැඩ සිටි කුටියට පැමිණි වෙඬරුවේ උපාලි අනුනාහිමියන් තම පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නි⁣මිත්තෙන් සම්පාදනය කළ ” ගල් පිළිමය” නම් කෘතිය පිළිගන්වා තිබෙනවා.

අනතුරුව එහි සමරු සටහනක් තැබූ අනුනාහිමියන් සිතුවමක් ද කරමින් එහි තවත් සටහනක් තබා තිබෙනවා.