Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිංහල ඔයාලා පව්… ඉතිහාසයට ඉගෙන ගන්නේ බොරු – විගීගෙන් සිංහලයන්ට ඉතිහාස පාඩමක්

උතුරු – නැගෙනහිර පළාත්හි අතීතයේ බහුතරයක් සිංහල ජනතාව විසූ බවට කෙරෙන ප්‍රකාශය අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා පවසනවා.

” ඒ පළාත්වල ඉස්සර සිංහල බහුතරයක් හිටියා, දැන් නෑ කියන්නේ අලි බොරුවක්. උතුරු නැගෙනහිර පළාත්වල කවදාවත් වැඩිපුර සිංහල මිනිස්සු හිටියෙත් නෑ. අවුරුදු 3000කටත් වැඩිය දෙමළ භාෂාව කතා කරන මිනිස්සු තමයි ඉන්නේ. සිංහල භාෂාව ඉපදුනේ 1300-1400 ආණ්ඩුවලට ඉස්සර. ඉතින් 3000කට ඉස්සර හිටපු මිනිස්සුන්ව දොට්ට දාලා රට ඒගොල්ලොන්ගෙ කියලා කියන එක බොහොම අසාධාරණයි. මේ රටේ ළමයින්ට ඉතිහාසය වශයෙන් බොරුවක් කියලා දීලා තියෙනවා ඕගොල්ලෝ පව්නේ . ඒක තමයි ඇත්ත කියලා හිතාගෙන ඕගොල්ලො ඒක කියනවා” යැයි ඒ මහතා පවසයි

©මුලාශ්‍රය – newshu.lk