Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය වතුර හොරකම් කරලා අතේ මාට්ටු

හෝමාගම පොලීස්ථානයට නීතිවිරෝධී ලෙස නළ ජලය ලබාගෙන ඇති බව වැටලීමක දී අනාවරණය වී තිබෙනවා.

අදාළ වැටලීම සිදුකර තිබෙන්නේ ජලසම්පාදන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය විසින්.

එහිදී වැඩි දුරටත් හෙළිවී ඇත්තේ වසර 10ක සිට මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිවක් එම පොලීසියේ සේවය කරන උසස් නිලධාරීන් නොදන්නා බවද අනාවරණ වී තිබෙනවා.

මෙවැනි වංචාවක් නීතියේ රැහැනට හසු වූ වහාම අදාළ ස්ථානයේ ජල සැපයුම අත්හිටුවීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වුවද පොලීසිය රාජ්‍ය ආයතනයක් බැවින් එහි ජල කප්පාදුවක් සිදු නොකිරීමට ද කටයුතු කළ බව වැටලීමට එක්වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා.