Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සර්කෝසි හිරේට

2012 වසරේ අසාර්ථක වූ මැතිවරණ ව්‍යාපාරය සඳහා නීති විරෝධී ලෙස අරමුදල් සැපයීම හේතුවෙන් හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සර්කෝසිට වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

නීතිය යටතේ අවසර ලැබු ප්‍රමාණයට වඩා යුරෝ මිලියන සිය ගණනක් වියදම් කිරීම හේතුවෙන් 66 හැවිරිදි සර්කෝසි පැරිස් උසාවිය විසින් වරදකරු බවට පත් කරන ලදී.

කෙසේ වෙතත්, ඔහු සාමාන්‍ය පරිදි සිරගත නොකෙරෙන අතර, ඉලෙක්ට්‍රෝනික බ්‍රේස්ලට් එකක් හරහා නිවසේ දී ම දඬුවම විඳිය හැකි බවට අධිකරණය විසින් තීන්දු කරන ලදී.

තමාට එල්ල කෙරෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන සර්කෝසි මහතා මෙම තීන්දුව විස්තර කළේ “අසාධාරණයක්” ලෙස ය.

ඔහු පැවසුවේ “සත්‍යය සහ යුක්තිය” වෙනුවෙන් තමා දකුණේ සිට උතුර දක්වා ම ගමන් කරන බවයි. අසාධාරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතීඥවරයා ද පැවසීය.

මෙය සාර්කෝසි මහතා වසරක සිර දඬුවමක් ලබා ගත් දෙවන අවස්ථාව යි. පසුගිය මාර්තු මාසයේ දී ඔහුට පඝමු දඬුවම ලැබිණි. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට දූෂණ හා බලපෑම් යන චෝදනාවන් යටතේ භාරකාර සිර දඬුවමක් ලබා දුන් ප්‍රථම අවස්ථාව එය විය. එනමුත් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන තුරු ඔහු නිදහසේ සිටියේ ය.