Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උතුරු කොරියාවේ නව මිසයිලය.

ඊයේ දිනයේ දී උතුරු කොරියාව විසින් ගුවන් යානා නාශක නව මිසයිලයක් අත්හදා බලනු ලැබිණි. එය ඔවුන් විසින් මාසයක් තුළදී සිදු කළ සිව්වන අවි අත්හදා බැලීම යි.

නවතම අත්හදා බැලීම සිදු වූයේ ඔවුන් නව න්‍යෂ්ටික අධිධ්වනික මිසයිලයක් දියත් කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසුවේ මෙවැනි පරීක්ෂණ මගින් ලොව තුළ අස්ථාවරභාවය සහ අනාරක්‍ෂිතභාවයක් ඇති කෙරෙන බවයි.

එනමුත් ඇමරිකාව සහ දකුණු කොරියාව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කරන උතුරු කොරියාව පවසන්නේ ආත්මාරක්ෂාව සඳහා තමන් හට ආයුධ අවශ්‍ය බව යි.

න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා දැඩි සම්බාධක යොදා තිබියෙදීත් ඒවා නොතකා තම ආයුධ සංවර්ධනය කර ගැනීමට උතුරු කොරියාව ගන්නා උත්සාහයේ පැහැදිලි ලකුණක් ලෙස නවතම පරීක්ෂණය සැලකේ.

රජයේ ප්‍රවෘත්ති ආයතනයක් වන කේසීඑන්ඒට අනුව, නව ගුවන් යානා නාශක මිසයිලය හරහා ඔවුන්ගේ කැපී පෙනෙන සටන් ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙන්ම නව තාක්‍ෂණික අත්හදා බැලීම් පිළිබඳ ද පැහැදිලි වේ.