බය වෙන්න එපා ගිය අවුරුද්දේ නොවැම්බරයේ ඉඳන් ත්‍රිපෝෂ හැදුවේ නෑ – සභාපති කියයි
පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසය තුළ ගෙන්වන ලද බඩ ඉරිගු බහාලුම් වල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අන්තර්ගතව තිබූ බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති ගුණරත්න මහතා පිළිගෙන තිබෙනවා.
ඒ අනුව දේශීය සහ විදේශීය වශයෙන් බහාලුම් කන්ටේනර 33 ක් ත්‍රිපෝෂ සමාගම වෙත ලැබී තිබු බවත් ඉන් බහාලුම් 11 ක පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බව රසායනාගාර පරීක්ෂණ වලදී තහවුරු වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
සභාපතිවරයා පෙන්වා දී තිබෙන්නේ එම පරීක්ෂණවලින් අනතුරුව අදාළ බහාලුම් භාර ගැනීම තම සමාගම විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
එම බහාලුම් වල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් BPP 30 අගය ඉක්මවා තිබු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනයක් සිදු නොවූ බව ද සඳහන් කර ඇති සභාපතිවරයා එබැවින් මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවද පවසනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට