Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උදේ පාන්දර පත්තර විස්තර එක්ක අතින් දාල තොරතුරු කියන එක ප්‍රශ්නයක් : සිද්ධිය පාර්ලිමේන්තුවට

රුසියාවේ අයත් මගෙන් ඇහුවා ජනමාධ්‍ය ඇමැති බන්දුල කියයි

රූපවාහිනී නාලිකාවල පත්තර විස්තර වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී පුවත්පතට අදාල නොමැති වෙනස් මත සමාජගත කිරීම හරහා විශාල අගතියක් සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ දී ද කරුණු සාකච්ඡා වූ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රටේ ප්‍රතිරූපය පිළිබඳ කතා කරන ජනමාධ්‍යය විසින්ම ප්‍රතිරූපය බිඳ වැටීමට තුඩු දෙන ආකාරයේ තොරතුරු වාර්තා කිරීම කනගාටුදායක බවද පෙන්වා දෙන අමාත්‍යවරයා තමා රුසියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී එරට බලධාරීන් ද මේ පිළිබඳව කරුණු විමසයි, පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙන්නේ.

කතෘ සටහන

අසත්‍ය සහ විද්‍යාත්මක මූලාශ්‍ර මත පදනම් වෙමින් මීට පෙර ආණ්ඩු බලයන් පැවති සමයේ දොස්තර සාෆි පැලෝපීය නාල අතින් මිරිකා වඳ සැත්කම් සිදු කිරීම, පාස්කු ප්‍රහාරයට දේශපාලනඥයින්ගේ සම්බන්ධතා, කැලණියට නාග ධාතු වැඩම වීමත් සමඟ රටට සෞභාග්‍ය උදා වීම, රට දෙකට මැදින් වෙනකොට අනුරාධපුරය වන්දනා කිරීමටත් ඇමරිකාවෙන් වීසා ලබා ගැනීමට සිදුවන බව පැවසූ MMC ගිවිසුම ආදී වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂයේ සිටින සමයේ රට අප්‍රසාදයට පත් කරමින් ව්‍යාජ තොරතුරු ජාතික පුවත්පත්වල සහ රූපවාහිනී මාධ්‍ය ආයතන වල පුවත් ලෙසත් වාර්තා වන විට කිසිදු හඩක් නොනැගූ බන්දුල ගුණවර්ධන මහතාට මාධ්‍ය මඟින් සමාජයෙන් සිදුවන හිතකර සහ අහිතකර බලපෑම පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව හෝ අවබෝධ වීම පිළිබඳව අප සතුටට පත් වෙමු.