Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ පාලකයින් කර මුලටම හිරවෙන තවත් වැඩක් පත්තු වෙයි : පොහොට්ටු සභාපති ඇතුළු මන්ත්‍රී පිරිසක් රජයට එරෙහිව ජාත්‍යන්තරයට

අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් පවා තමන්ට අහිමි වී ඇති බව පවසමින් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම් රජයට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි ඉදීරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව නිදහස් ජනතා සභාව නමින් කටයුතු කරන මහාචාර්ය ජී එල් පිරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා,, ආචාර්ය නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, ගුණපාල රත්නසේකර, උදයන කිරිදිගොඩ , මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකු මෙම ලිපිවලට අත්සන් තබා තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය, සාර්ක් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වෙත ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටියදී පවා තමන්ට භාෂණය සඳහා ඇති නිදහස අහිමි කර ඇති බවත් මූලික අයිතිවාසිකම් සේම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ද මේ හරහා තමන්ට අහිමි වී ඇති බවත් ඔවුන් අදාළ ලිපි මගින් පෙන්වා දී තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් ඔවුන්ට කාලයක් වෙන් නොදීමයි.