ශ්රී ලංකා විසින් ඉන්දියාවට ගෙවීමට ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් කඩිනමින් ගෙවන ලෙස ඉන්දියාව ශ්රී ලංකාවට දැනුම් දී ඇතැයි තොරතුරු වාර්තවනවා.
මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී වාතාවරණය සමග ඉන්දියාව ශ්රී ලංකාවට රාජතාන්ත්රික මට්ටමින් විශාල පීඩනයක් එල්ලකරනු ඇති බව වාර්තවනවා.
කෙසේ වෙතත් වාර්තාවන අන්දමට ශ්රී ලංකා රජය නිලවශයෙන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බව ඉන්දීය රජයට දැනුම් දී නොමැති බවද වාර්තවනවා. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වනවා.
අත නොහැර කියවන තැන
චීනය ශ්රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි