Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිදහස් දිනය කොඩි දිනයක් වෙයි – මාධ්‍යට තවත් මාතෘකාවක්

ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිංහලේ ජාතික කොඩිය යැයි පවසා කොඩියක් එසවීමට ගිය හිමිනමක් හේතුවෙන් අද උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

මෙලෙස කොඩිය එසවීමට පැමිණ ඇත්තේ රඹුක්කන ගලදෙණිකඩ පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය මැදිරිගිරියේ සුඛී නම් හිමිනමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පොලිසිය පැමිණ ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය එම හිමිනම වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව එම කොඩිය දළඳා සමිදුන් වෙත පූජා කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ හිමිනම දළදා වහන්සේ ඉදිරිපිට සිට කතා කරන අතර උන්වහන්සේ පැමිණි අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වුයේ ඉහළින් පැමිණි නියෝගයක් නිසා බවද සදහන් කරනවා.