Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ මාලදිවයිනේ වැළලෙන හැඩ – ජනපතිගේ ඉල්ලීම ගැන සලකා බලන බව මාලදිවයින කියයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානය කිරීමට පහසුකම් ලබාදීමට හැකිදැයි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් මහතා විසින් සාධනීය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙම ඉල්ලීම පිළිබඳ මාලදිවයින් රජය සලකා බලමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සාහිඩ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දීර්ඝකාලීනව පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වසංගතයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපකාර කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම මාලදිවයින් ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන බවයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.