ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර එහි සෙල්ලිපියක් මිරිස්ගලකට භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලියේ සභාපති ඇතුළු සැකකරුවන් හත්දෙනා මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් රක්ෂිත බාරයට පත්කළ කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් උදිත ඒකනායක ඩෝසර් කර විනාශ කර දමා ඇති භූමිය සහ මිරිස් අඹරන ගලක් ලෙස භාවිත කර ඇති සෙල්ලිපිය පිළිබඳව පරීක්ෂා කර බලා ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.
විජිතපුර අලහප්පෙරුමාගම මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ජබර්දීන් මෙහොමදු සියාබ්දීන්, එහි ලේකම් මුතාලිෆ් කයිරූෆ්, භාණ්ඩාගාරික අහමුදු ලෙබ්බේ අන්වර් එම පල්ලියේ අධීක්ෂණ නිලධාරීන් වන නවුෆර් පිව්චෙයි නසූර්දීන්, එබ්‍රහිම් ලෙබ්බේ නවුෆර් මෙන්ම ඩෝසර් කළ භූමියේ සෙල්ලිපිය ප්‍රවාහනය කළ වාහනයේ රියැදුරු වන ඉපලෝගම ගලවංගුව ලිපිනයේ ඩබ්.එම්. දිනේෂ් සංජීව වීරසිංහ සහ සෙල්ලිපිය මිරිස් ගලක් ලෙස භාවිත කළ මතාලි යුනයිදීන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ හත්දෙනාය.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේකෝන් සහ එම කොට්ඨාසය යටතේ ක්‍රියාත්මක පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොල ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
© තිසල් තෙන්නකෝන් -සාලියපුර – අරුණ පුවත්පත
අත නොහැර කියවන තැන
චීනය ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්‍රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි