Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝහල් පද්ධතියේ ඇත්ත එළිවෙයි : මාස හතරක් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වලට මුදල් ගෙවා නැහැ : ඖෂධ හිඟය බරපතලම අඩියේ

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී හෙළිකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ මෙම කරුණු මතුව ඇති බව සඳහන්.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4 කින් ගෙවීම් කර නොමැති බවද මෙහිදී හෙළිව තිබෙනවා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම, දේශීය ඖෂධ හා උපකරණ නිෂ්පාදක සංගම්, පෞද්ගලික රෝහල් සංගම්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගම් යනාදී ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බවයි වාර්තාවන්නේ.