Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල් – සජිත් හමුවේ දී, රනිල් පරණ පුරුද්දම පෙන්නුවා – සජබ අභ්‍යන්තරයේ කැළඹීමක්

ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය , දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ නිර්දේශ සහ පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳ පොදු විපක්ෂයක් ලෙස විපක්ෂයට සම්බන්ධ සියළු බලවේග ඒකරාශී කර ගැනීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණයකට අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ තෝරා ගනු ලැබූ නියෝජිතයන් කිහිප දෙනෙකු විසින් සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නායකයින් සමග පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

අප්‍රසිද්ධියේ පවත්වා ඇති මෙම හමුවීම් වලදී සෙසු ජාතික පක්ෂ, සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සමගද ඉතා රහසිගත ලෙස සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙන්නේ තම පැරණි නායකයා පිළිබඳ විශ්වාසයක් ද තබා ගනිමින්.

අවසානයේ සජිත්ට තමා ළගටම එන්නට සිදුවූ බව රනිල් තම හිතවත් මාධ්‍යවේදීන්ට කියලා අනවශ්‍ය ප්‍රචාරයක් අරන්ලු..

කෙසේ වෙතත් රහසිගතව සහ පුද්ගලිකව පැවති මෙම සාකච්ඡා පිළිබඳ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පවසා ඇති අතර අවසානයේ සජිත් ට තමා ළඟට පැමිණීමට සිදු වූ බවද පවසා තිබෙනවා.

මෙම ආරංචිය කන වැකීමත් සමගින් සමගි ජන බලවේගය පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දැඩි කනස්සල්ලට පත්ව ඇති බව වාර්තාවනවා.

රනිල්ගේ පරණ පුරුද්ද

ඔවුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පරණ පුරුදු තවමත් අමතක කර නොමැති බවයි. ඔහුගේ අවස්ථාවාදී ස්වභාවය දැන දැනත් මෙලෙස කටයුතු කිරීමට යාමෙන් විපක්ෂනායක ධුරයද හැල්ලුවට ලක්වන බව ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබෙනවා.

ජ්‍යේෂ්ඨත්වය සලකා සජිත් ගිය ගමන

මේ ප්‍රශ්නය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර ඔහු පවසා තිබෙන්නේ තමන් විපක්ෂ නායකවරයා වුවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජ්‍යේෂ්ඨත්වය සලකා ඔහු හමුවීමට ගිය බවයි.

කිසි විටකත් මෙය මාධ්‍යයට ප්‍රසිද්ධ කිරීමක් හෝ ඒ මගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට තමා බලාපොරොත්තු නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙන්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලිකව මුණ ගැසීම සහ ඉන් පසුව පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම එල්ල කළ විරෝධය හමුවෙයි.