Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටේ සම්පත් නීති විරෝධීව විකිණීමට ජනපති ගෝඨාභය නිලධාරීන්ට බලපෑම් කළ හැටි හෙළිවෙයි

ටෙන්ඩර් ක්‍රමවේදයන්ට පිටින් ඉන්දියාවේ අදානිට දෙන්න කියලා

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට ලබා දෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බලපෑම් කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේ දී අදහස් පල කර තිබෙනවා.

ඔහු කළ ප්‍රකාශය පහලින්..

“ජනාධිපතිතුමා සජකච්ඡාවකින් පස්සේ මාව ගෙන්නලා, මං හිතන්නේ ගිය නොවැම්බර් 27 වනදා වගේ කිව්වා, මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි කියනවැයි මට බලකරනවැයි මේක දෙන්නෙයි කියනවයි කියලා. පස්සේ මං ඒ වෙලාවේ කිව්වා, මේකෙ මේ මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නැහැ නැහැ ඔයා මේක…

මං ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා, මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවාය කියලා, මුදල් අමාත්‍යාංශ ලේකම්ට කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.”

යනුවෙනි.