Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එයා කියන්නේ බොරු මම එහෙම කිව්වේ නෑ : ගෝඨාභය ට්විට් කරයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බවය.