යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරකයන් එන අතර මොවුන්ට දිවාකාලයේ විවේක ගැනීම සඳහා පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරෙන බවද යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රයට වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යාංශය පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව මීට වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.
වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදි කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
අත නොහැර කියවන තැන
චීනය ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්‍රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි