එක්කෝ එලියට බහින්න එහෙම නැත්නම් නිවැරදි මගට ගන්න : මිනිස්සුන්ට දුක් දෙන්න එපා
වත්මන් පාලකයන් විසින් යහපාලන වන සමයේ ජනතාවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් බලය ලබාගත් බව මේ වන විට රටම පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ යහපාලන රජය තුළ යම් යම් අඩුපාඩු කම් පැවතියද එය ජාතිවාදී ලෙස ක්‍රියාත්මක වූ බවයි.
ආර්ථිකය මනාව කළමනාකරණය කරමින්, ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සහ සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්රය සංවර්ධනය කරමින් යහපාලනය ක්‍රියාවට නැංවුණු බවයි ඔහු සඳහන් කළේ.
එදා යහපාලන ආණ්ඩුව බලයෙන් පහකොට බලය අල්ලා ගැනීම සඳහා වත්මන් පාලකයින් සිදු කළ චෝදනා සහ විවිධ සංදර්ශනවල යථාර්ථය මේ වන විට රටේ ජනතාවටය හොඳින් අවබෝධ වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
මේ තත්ත්වය රට තුළ ඇති කිරීම සඳහා දායක වූ සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් වගකීමක් ඇති බව අවධාරණය කළ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා මෙය නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවෙන් එළියට බැසීම හෝ ආණ්ඩුව නිවැරදි මඟට ගැනීම යන කරුණු දෙකෙන් එකක් පැහැදිලිව තෝරා ගත යුතු බව ද අවධාරණය කළා.
එසේ නොමැතිව කල් මැරීම හරහා සිදුවන්නේ රටේ ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම බවයි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි