Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මම නම් ගත්තේ නෑ කිව්වට :ආණ්ඩුව වසර දෙකට ට්‍රිලියන 04ක ණය බරක්

මහබැංකු වාර්තාවලින් හෙළිවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව වසර දෙකක් ගතවීමටත් පෙර රුපියල් ට්‍රිලියන 04 ඉක්ම වූ අති විශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මහ බැංකු ප්‍රකාශනවලින් අනාවරණය වී තිබෙනවා.

ට්‍රිලියනයක් යනුවෙන් දැක්වෙන්නේ රුපියල් කෝටි ලක්ෂයක මුදලක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ 2019 නොවැම්බර් මාසයේදී වන අතර එම වර්ෂය අවසන් වනවිට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13.031 ක් වූ අතර 2021 සැප්තැම්බර් මාසය අවසන් වෙන විට එම අගය රුපියල් ට්‍රිලියන 17.051ක් දක්වා ඉහල නැග ඇති බව පැහැදිලි වනවා.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී (2019 නොවැම්බර් සිට 2021 සැප්තැම්බර් දක්වා මාස 23ක කාලයක් තුළ) වසර දෙකක් ගතවීමටත් පෙර රාජ්‍ය ණය ප්‍රමාණය ට්‍රිලියන 4.020ක අති විශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව හෙළිවනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය වූ වසර 5ක් තුළදී ලබා ගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 5.545ක්.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ තමන් බලයට පත්වීමෙන් අනතුරුව කිසිදු ණයක් ලබා නොගත් බවයි.

මහ බැංකු වාර්ෂික වාර්තාව – 2020 – සංඛ්‍යා ලේඛණ පරිශිෂ්ඨය