Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වජිර මල්ලක්, අල්ලට හලා පෙන්වයි

ලෙඩෙකුට දෙන්න සුප් එකක් හදාගන්නවත් බෑ : මේ බඩු මිල දරාගන්න බෑ

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ මල්ලක් රැගෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට පැමිණියා.

එහිදී රුපියල් 59ක් වටිනා මාලු මිරිස් කරලක්, රුපියල් 10ක් වටිනා අමු මිරිස් කරලක්,රුපියල් 31 ක් වටිනා ලොකු ළූණු ගෙඩියක් ඇතුළු මල්ලක අඩංගු භාණ්ඩ තොගයක් එකිනෙක පෙන්වමින් ජනතාව මුහුණ දෙන ආහාර අර්බුධය පිළිබඳ සඳහන් කළා.

මෙම තත්ත්වය තුළ ලෙඩෙකුට සුප් එකක් හදාගෙන බොන්න බැරි තත්වයකට වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය වලපල්ලට ඇද දමා ඇතැයි වජිර අබේවර්ධන මහතා පැහැදිලි කලා.

ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියාකලාපය පසෙකලා එක්සත් ජාතික පක්ෂ නායකය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ ආකාරයටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් අවශ්‍ය පියවර නොගන්නේ නම් එහි වන්දිය කිරීමට මෙරට උපනූපන් පරපුරට සිදු වනු ඇති බව ද වජිර අබේවර්ධන මහතා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ජනතාවගේ ජීවන වියදම පිළිබඳව කිසිදු තැකීමක් හෝ අවබෝධයක් වත්මන් ආණ්ඩුව නැති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පෙන්වා දුන්නේ දිනෙන් දින ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව පීඩාවට පත්වෙමින් සිටින බවයි.