Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේක කුමන්ත්‍රණයක් ඇත්ත මේක නෙමෙයි : වැලිකඩ සිද්ධියට මරණ දඩුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් කියයි

මාව කුමන්ත්‍රණයකට පැටලුවා : මම වැරදි නම් 10 පාරක් එල්ලල මරන්න

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් ඝාතනය කිරීමේ චෝදනාව තමන්ට එරෙහිව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බව මරණීය දණ්ඩනයට නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

එම ඝාතන සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව ඊයේ (12) ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විත්ති කුඩුවේ සිට ඔහු මෙම ප්‍රකාශය කර තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ

“දහස් ගණනක් සෙනග ඉන්න බන්ධනාගාරයේ කළු තුෂාර නැමැත්තා රැගෙන මා යනවා දැක ඇත්තේ කුඩා බන්ඩාර නැමැති බන්ධනාගාර නිලධාරියා පමණයි. ඔහු මා සමඟ තරහයි. මේ සිද්ධියට මා කිසිසේත් සම්බන්ධ වී නැහැ. කුමන්ත්‍රණකාරී ලෙස මා මෙයට පැටළුවා. කුඩා බන්ධාර නැමැති මන්ධනාගාර නිලධාරියා හැර වෙනත් අයෙකු මා කළු තුෂාර නැමැත්තා රැගෙන යන බව කිව්වොත් මට මරණ දඬුවම් 10ක් දුන්නත් කමක් නෑ.” යනුවෙනි.

මෙම ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

අධිකරණ තීන්දුව ලබාදීමට දින කීපයකට පෙර ඔහුට නිලයෙන් උසස් කිරීමක් ද ලබා දී තිබිණි. මේ අතර නියෝමාල් රංගජීව අධිකරණ භූමිය තුළදීම මාධ්‍යවේදියෙකුට පවා ප්‍රසිද්ධියේ පහරදී තිබෙන තත්වයක් තුළ උසස් කිරීම විශේෂත්වයකි.

© උපුටා ගැනීම – Lanka Truth