Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ධනසිරි : ඍණ වෙයි : හයියෝ පුදුම ආණ්ඩුවක් යයි කියයි

ආණ්ඩුව හදන්න කෝටි කෝටි ගණන් වියදම් කළ අපේ අගය දැන් අමතක වෙලා

කොහුවල මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට තමාට ආරාධනා නොකිරීම හේතුවෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටින බව දෙහිවල-ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා පවසනවා.

තම facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බිහි කිරීම සඳහා මුදල් කෝටි ගණන් වියදම් කල අය දැන් ආණ්ඩුවට අමතක වී ඇති බවයි.

ධනසිරි අමරතුංග මහතා රාජපක්ෂ පාලනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලය ක්‍රියාන්විතය සඳහා වැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයකු ලෙස ද ප්‍රකටව සිටිනවා.

අදාල සටහන පහලින්..

අද දින කොහුවල හන්දියේ ගුවන් පාලමක් හැදීමට මුල්ගල තියන්න පිටරටක ඇමති කෙනෙක් සහ අපේ රටේ මහා මාර්ග ඇමති ‘මගේ මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මා’ ඇවිත් මුල්ගල තියලා ගිහිල්ලා තියනවා. කියන්න කණගාටුයි දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මම. නමුත් මට කවුරුත්ම ආරාධනා කරෙත් නෑ මම දන්නෙත් නෑ.

මම අද මගේ පෞද්ගලික වැඩකට නුගේගොඩ පාරෙන් යද්දි මම දකිනවා පොලිසියයි මිනිස්සුයි එතන පිරිලා ඉන්නවා. එතන පොලීසියෙන් හිටිය නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා එතැන හිටිය පොලිස් නිලධාරි මහත්මයෙකුට. එතුමා තමයි මට කිව්වේ එතන ගුවන් පාලමකට අද මුල්ගල තියෙනවා කියලා.

හයියෝ පුදුම ආණ්ඩුවක්….

අපිම ආණ්ඩුව හදලා, අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරලා, අපි ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි…!😐😳


මම තාමත් මහින්ද මහත්තයා ට පන වගේ ආදරෙයි ❤️