Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෑණියෝ ගැත්තන්ට ගුටි දී පන්නයි !

කොරෝනා වෛරසය සුව කල හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ බව පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස අසල විශාල ජනකායක් රැස්ව සිටින්නේ කොරෝනා සම්බන්ධයෙන් ඇති සෞඛ්‍ය නිර්දේශ හෝ නීති තුට්ටුවකට මායිම් නොකරමින්.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ එහි ගිය ජනතව හිස් ලුලු අත දිවයන ආකාරයක් දක්නට ලැබුණා.

ඔවුන් සදහන් කළේ දෙයියන් තමන්ට පන්න පන්නා පහර දෙන බවයි.

එනිසා තමන් ඖෂධය නොගෙන දිවයන බව කාන්තාවක් රූපවාහිනිය වෙත කියා සිටියාය.

ඖෂධ නිකුත් නොකරන බව ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරියේ විශාල දැන්වීමක් ප‍්‍රදර්ශණය කර තිබුණ ද එය නොතකා ජනතාව දිනපතා දහස් ගණනින් ඔහුගේ නිවස ඉදිරිපිටට රැස්වන අතර ජනතාවගේ ජීවිත දහස් ගණනක් අනතුරේ හෙළා පොලිසිය ,දේශපාලන නායකයින් ඇතුළු වගකිව යුත්තන්ද වගකීම් විරහිත ලෙස බලා සිටිනු දැකිය හැකි.