Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මැටි මෝලෙක්ට බලය දීලා – රාජිත රට යවලා මරක්කලේට අබසරණයි කියපු හැටි මම දන්නවා” – තෙවරප්පෙරුමගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් (Video)

කොරෝනා හේතුවෙන් මියයන් මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා විසින් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනධිපතිවරයා රටේ නීති සහ චක්‍රලේඛ පවා වෙනස් කරමින් කටයුතු කරන පුද්ගලයෙකු වී තිබියදීත් මෙම සංවේදී කරුණ මග හැර යාම අවස්ථාවාදී ක්‍රියාවක් බවයි.

ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ” මුළාව පරදමු – එක්වී නැගිටිමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබු රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගියදා (01) අමතමින්.

මෙහිදී “මහින්දාලා මුස්ලිම් ජනතාවට සලකපු විදිය අපි දන්නවා” යනුවෙන් සදහන් කරමින් පාලිත තෙවරප්පෙරුම මහතා අලුත්ගම දර්ගා නගරයේ පසුගිය කාලයේ ඇතිවූ සිදුවීමක් පිළිබඳව ද විශේෂ අනාවරණයක් සිදු කළා.

අදාළ වීඩියෝව පහළින්..