Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව වසරේදීත් එජාපයේ වෙනස් වෙන්නේ මහ ලේකම්ධුරය පමණයි

නව වසරේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ජනවාරි මස අවසානයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර එහි දී එම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව පක්ෂයේ මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවන අතර දැනට පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බලන්නේ සිරිකොත විධායක නිලධාරී ලෙස කටයුතු කළ ශමල් සෙනරත් මහතා ය.

පක්ෂ නායකත්වයේ ලබන 2023 දක්වා රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහට අවසරය ලැබී ඇත. ඒ 2019 වසරේ පැවති පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී සිදු කර ගත යෝජනා සම්මතයට අනුවයි.

උප නායක, ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක, භාණ්ඩාගාරික යන තනතුරුවල දැනට සිටින නිලධාරින්ම තවදුරටත් එම තනතුරු සදහාම නම් කිරීමටද නියමිත බව පැවසේ.

මීට අමතරව පක්ෂයේ මාධ්‍ය අංශය ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කරන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නායකත්වයට දැනුම් දී ඇත.

© සති අග අරුණ