Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප යනු අල් ස යනු කන්න වෙන ලකුණු : ආහාර උද්දමනය සියට 95ට ළං වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පැහැදිලි වී තිබෙනවා.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 93.7හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 50.2හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.6 ක් දක්වා ඉහළ ගියේය.