Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති මණ්ඩලේ 03 වෙනිදාට තව ලොකු වෙයි : නව ඇමතිවරු 10 ක්

දැනට 18 ක් ලෙස පවතින කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව තව දුරටත් වැඩි කරමින් තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට සුදානම් වන බවට තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව බොහෝ දුරට එළඹෙන සඳුදා (03) දිනයේදී ජනපතිවරයා ඉදිරියේ ඔවුන් දිවුරුම් දීමට නියමිත බවටයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත්තේ.

කෙසේ වෙතත් නව අමාත්‍ය මණ්ඩලයට නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඇතුළත් නොවන බවද දැනගන්නට තිබෙනවා.