Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස් ඇඳිරි නීතිය මායිම් නොකරමින් විරෝධතාකරුවෝ කොළඹට ඇදෙයි

විශාල පිරිසක් දැනටමත් ඇවිල්ලා

පොලිස් ඇඳිරි නීතියක් පනවා ඇති බවට නිවේදනය කර තිබුණද මේ වන විටත් විශාල පිරිසක් අරගල භූමියට පැමිණෙමින් සිටින බවට අප වෙත තොරතුරු වාර්තා වනවා.

ඊයේ සවස් භාගය වන විට අරගල භූමියට පැමිණි බොහෝදෙනෙකු මේ වන විට ගෝල්ෆේස් අරගල භූමියේ සහ ඒ ආසන්නයේ විවේක ගනිමින් සිටිනවා.

කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මාර්ග බාධක යොදා අවහිර කිරීම මේ වන විට පියවර ගනිමින් සිටින බවටද තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ජනතාවට බාධා කිරීම සඳහා කිසිදු නෛතික හැකියාවක් පොලිසියට හෝ යුද හමුදාවට නොමැති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා.

ප්‍රධාන මාර්ගය බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා ඇති ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට නොහැකි බවද නීතිඥවරුන් පෙන්වා දෙනවා.

යම් අවස්ථාවක ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ජනතාව පීඩාවට පත් කළහොත් හෝ අත්අඩංගුවට ගතහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට නීතිඥ සහාය ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.