Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෝඨා – රනිල් එලවන විරෝධයට එජාපයේ සහයත් : නියෝජ්‍ය නායක රුවන් මාධ්‍ය නිවේදනයකින් කියූ දේ මෙන්න

නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙස බවත් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතු බව පවසමින් පැවැත්වෙන දැවැන්ත ජනතා විරෝධය සඳහා සියල්ල සූදානම්ව ඇති වටපිටාවක එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති අතර එහි දක්වා තිබෙන්නේ හෙට දිනයේ පැවැත්වෙන අරගලයට එක්සත් ජාතික පක්ෂයේ ද සහය හිමි වන බවයි.

කෙසේ වෙතත් ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගනිමින් රටේ පවතින සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කළ අයුරු ද මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇති අතර එම අපහසු කාල සීමාව දැන් පසු කරමින් සිටින බවද එහි සඳහන්.

විරෝධතාවය සාමකාමී වනු ඇති බව තම පක්ෂය විශ්වාස කරන බවත් විරෝධතාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් ආරක්ෂක අංශ කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

No photo description available.