Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාදෙණිය රටින් මාරුවෙන්නට සැරසෙයි : මානව හිමිකම් සංවිධාන රැසක් සටනක් අරඹයි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සිය පවුලේ සාමාජිකයන් ද සමගින් ශ්‍රී ලංකාවෙන් පිටවීමට උත්සාහ දරන බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ආරංචි මාර්ග හෙළි කරන ආකාරයට ඔහුගේ ගමනාන්තය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන අනුරුද්ධ පාදෙනිය මහතාට වෛද්‍යවරුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

කුරුණෑගල රෝහලේ නාරිවේදය හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට සිංහල මව්වරුන් වඳ කළ බවට චෝදනා එල්ල කළ පිරිසට අනුරුද්ධ පාදෙණිය මහතා ද ඇතුලත්.

මීට අමතරව ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙස ගනු ලැබූ රසායනික පොහොර තහනමට අදාළ තීරණය සම්බන්ධයෙන් ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා එම කටයුත්ත සඳහා දිරිමත් කිරීමට අදාලව තම විෂය පථයට අයත් නොවන සහ විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර නොගත් ව්‍යාජ කරුණු සමාජගත කිරීම සම්බන්ධයෙන්.

එම තීරණ වල බලපෑම හමුවේ මේ වන විට රටේ ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටින අතරතුරයි අනුරුද්ධ පාදෙනිය මහතා සිය පවුලේ අය සමඟ ඔස්ට්‍රේලියාව බලා පිටව යාමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඉහත මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම පිළිබඳ විරෝධය පළ කරන මානව හිමිකම් සංවිධාන කිහිපයක් අනුරුද්ධ පාදෙණිය මහතාට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලා ඕස්ට්‍රේලියානු රජයට කරුණු වාර්තා කර ඇති බවයි පැවසෙන්නේ.