Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුෂිතව තැනු නොරොච්චෝලේ තව සැරයක් කැඩෙයි : මාස දෙකකටවත් ගොඩගන්න බැරිලු

නොරච්චෝලේ විදුලි බලාගාරයේ අලුත්වැඩියාවක් සඳහා මේ මස 18 වැනිදා සිට දින 70ක කාලයක් සඳහා වසා තබන බවත් එම විදුලිබලාගාරය නතර කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ සඳහන් කළා.

එම බලාගාරය වැසීමෙන් විදුලි කප්පාදුව වැඩි නොවන බවට විශ්වාස කරන බව කී ඇමතිවරයා පවසන්නේ එම විදුලිබලාගාරයේ අලුත්වැඩියාව අවසන් වූ පසු තවත් විදුලිබලාගාරයක් වසා අලුත්වැඩියාව ආරම්භ කරන බවයි.

ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට ගල්අගුරු සහ ජල විදුලියෙන් වැඩි ධාරිතාවක් ලබාදීම නිසා බලාගාරය වැසීමෙන් අඩුවන මෙගාවොට් 300ක ප්‍රමාණය ආවරණය කරගැනීමට හැකිවනු ඇති බවද ඇමති කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් පැවසුවා.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ චීනය සමඟ ඇති කරගත් ගිවිසුමක් අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බල ගාරය මෙරට ස්ථාපිත කෙරුනේ ලෝකයම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම සඳහා කටයුතු කරමින් සිටි වටපිටාවක් තුළයි.

වසරේ බොහෝ දිනවලදී මෙම බලාගාරයේ යම් යම් කොටස් වල දෝෂ මතු වූ අතර සමස්ත බලගාරයම එකවර ක්‍රියාත්මක කරමින් මෙරට විදුලි බල පද්ධතියට බලය මුදා හැරිම පවා ගැටළුවක් බවට පත්වුණා.

චීනයේ යල් පිනු උපකරණ යොදා ගනිමින් මෙම බලාගාරය නිර්මාණය කර ඇති බවට බරපතල චෝදනා රැසක් එල්ල වූ අතර කෝප් කමිටු ඇතුළු විමර්ශන ගණනාවකදී ද මෙම තත්වයන් සමාජගත කෙරුණා.

කෙසේ වෙතත් මේ වන විටද මෙම ගණුදෙනුවල අවාසනාවන්ත ප්‍රතිපල මෙරට පුරවැසියන් භුක්ති විඳිමින් සිටින්නේ දුෂිත සහ ප්‍රතිපත්ති රහිත දේශපාලුවන්ගේ ක්‍රියාකලාපයන්හි ප්‍රතිඵල ලෙස වීම විශේෂත්වයක්.