Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිරෝධායනයේ සිටිය යුතු සංචාරකයින් රට පුරා යාම බරපතල තත්වයක්

කොවිඩ් අසාදනය වී ඇතිද නැතිද යන්න හරි හැටි තහවුරු කර නොගත් නිරෝධායනයේ සිටිය යුතු සංචාරකයින් රට පුරා යාම හේතුවෙන් මෙරට ජීවත් වන ජනතාව බරපතල අර්බුධයකට මුහුණ පා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

දින 14ක් නිරෝධායනයේ සිට සංචාරය කිරීම පිළිගත් ක්‍රමවේදය වුවද සන්ච්රකයන්ට එය ප්‍රයෝගික නොවන බැවින් නිරෝධායන කාල සීමාව තුලම ඔවුන් සංචාරයේ යෙදෙන බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම තත්වය නිසා ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ විවිධ ප‍්‍රභේද මෙරටට පැමිණෙන විදේශිකයින් හරහා රට තුළට ඇතුළුවීමේ අවදානමක් ද පවතින බවයි.

එසේ වූවහොත් බරපතල සෞඛ්‍ය අවදානමකට රටට මුහුණ දීමට සිදුවන බවද ඔහු සදහන් කළා.

එබැවින් සංචාරකයන් සම්බන්ධයෙන් පනවා ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීම අවශ්‍යම බව ඔහු අවධාරණය කරනවා.