Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉස්සෙල්ලා අපේ අයට, එතකන් වෙන කාටවත් දෙන්න බෑ – කොවිඩ් එන්නත ගැන ඉන්දියාව කියයි

ඔක්ස්ෆර්ඩ් සරසවිය, ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව ඉන්දියාවේ සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් කොරෝනා එන්නත අපනයනය කිරීම සහ පෞද්ගලික අංශයට අලෙවි කිරීම ඉන්දීය රජය විසින් වළක්වා තිබේ.

සීරම් සමාගමේ ප්‍රධානි ආධාර් පොන්වාලා ඉන්දීය මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මාස කිහිපයක කාලයක් සදහා අදාළ තහනම ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවයි.

මුල් අදියරේ නිෂ්පාදිත සියලු එන්නත් ඉන්දීය රජය විසින් මිලදී ගැනීමට නියමිත අතර ඒ එන්නතක් ඉන්දීය රැපියල් දෙසීයක මිලකටයි.

සීරම් ඉන්ඩස්ට්‍රිස් සමාගම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් කො⁣රෝනා එන්නත් බිලියනයක් නිෂ්පාදනය කිරීම සදහා දැනටමත් ගිවිසුම්ගතව සිටියි.

කෙසේවෙතත් ඉන්දීය රජයේ මෙම තහනමත් සමග අදාළ සැපයුම් ප්‍රමාද වනු ඇත.

ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන්, වෙනත් ඉදිරිපෙළ සේවකයන් සහ ප්‍රතිශක්තිකරණ හැකියාවෙන් අඩු වැඩිහිටි සහ වෙනත් රෝගවලින් පෙලෙන්නන් වෙත ලබාදීම සදහා ප්‍රමාණවත් පරිදි එන්නත් නිපදවීමෙන් අනතුරැව අදාළ තහනම ඉවත් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි